මහා කඨින චීවර පුජා පුණ්‍ය මහෝත්සවය

Sunday, නොවැම්බර් 1, 2015

2015 නොවැම්බර් මස 01 වෙනි ඉරු දින, පෙරවරු 10.00 ට විහාර භූමියේදී පැවැත්වීමට නියමිත මහා කඨින චීවර පූජාව ගරු අරාධිත ස්වාමීන්වහන්සේලා දෙනමකගේ  හා අප විහාරස්ථානයේ ස්වාමීන්වහන්සේලා සිව් නමගේ අනුශාසකත්වයෙන් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

පෙර වර්ෂ වලදී මෙන්ම, ශ්‍රී ලාංකීය චාරිත්‍ර වලට අනුගත වෙමින් පූජා භූමියේදී කඨින චීවර මැසීම සිදු කිරීමට නියමිතය. චීවර මැසීම ඔක්තෝම්බර් මස 31 වැනි සෙනසුරාදා පස්වරු 1.00 සිට 7.00 දක්වා සිදු කර අවසාන කිරීමට නියමිත අතර ඒ අතර වාරයේ යෙදෙන අවසාන බොජ්ජංග පිරිත් සජ්ජායනය වෙනුවෙන් ඉඩ වෙන් කිරීමද සිදුවේ. මෙම කඨින චීවර පූජාව 31 වැනි සෙනසුරාදා දින මැදියම් රැය වන විට නිම කිරීමට අපි බලාපොරොත්තු වෙමු. මෙවන් කුසල් සහිත කඨින චීවර මැසිමේ උතුම් පින්කමක් සඳහා දායක වීමට ඔබත් කැමතිනම්,  ඉහත දක්වා ඇති වේලාවන් වලදී පැමිණෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.