BVS Health and Safety protocols for COVID - 19

Under the BC disease control, guidelines we have all had to make significant behavioral changes, and new safety procedures to reduce the spread of COVID-19. Hence all the BVS devotees....

READ MORE

Town Hall Meeting - BVS Garden Beautification Project

We concluded a successful town hall meeting via Zoom on Saturday, the 19th December, 2020 from 6:00 pm to 7:00 pm and received very valuable comments and suggestions

We still would like to receive your valuable comments and suggestions on this project

බෞද්ධ විහාර සංගමය බී සී

1989 ජුලි මස 16 වැනිදා ඇසළ පුර පසළොස්වක දිනයක් විය. භාග්‍යවත් බුදු රජාණන්වහන්සේ ප්‍රථමවරට ස්වකීය ධර්ම චක්‍රය ප්‍රවර්තනය කළ එම පින්වත් මොහොත සිහි කොට, කැනඩාවේ වැන්කුවර් නගරයේ බෞද්ධයන් 40 දෙනෙකු පමණ යම් කිසි සුවිශේෂ අදහසකින් එනුවර පිහිටි  එච්. ඩබ්ලිව් ප්ලෙචර් සමාගම් ගොඩනැගිල්ලට එක් රැස්විය. ඒ වෙන කවරක් සඳහාවත් නොව, අමාමෑණී බුදු පියාණන් වහන්සේ විසින් සියළු ලෝකවාසී සත්වයන් කෙරෙහි පතල මහා කරුණාවෙන් දේශනා කොට වදාළ, සුපිරිසිදු ධර්මය ශ්‍රවණය කිරීමේ අදහසිනි.

සැබවින්ම ඔවුන්ගේ එම අපේක්ෂාව සඵල විය. ඥාණාලෝකය උදාකරන ඒ සුපිරිසිදු ශ්‍රී සද්ධර්මය ඉතා පැහැදිලි ලෙසම, දේශකයන් වහන්සේ වෙතින් ඔවුන් හට අසන්නට ලැබිනි. ධර්මශ්‍රවණයෙන් අනතුරුව, හිස් වැස්මක් එකිනෙකා අතෙහි හුවමාරු කරන ලදුව, ධර්ම දේශනාව පැවති ගොඩනැගිල්ලෙහි කුලිය සඳහා මුදලක් එක් රැස් කරන ලදී.

වැඩි විස්තර